තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ..
පවතින වසංගත තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත, කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල, ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර, කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි සහ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩයස් වත්ත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස මෙසේ හුදකලා කිරීමට තීරණය කර ඇත.