සත්‍යයේ පුවත් අඩහැරය….

වසංගතය පාලනය කිරීමට කිසිවක් නොකරන ආණ්ඩුව ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaකිසිදු ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව නැතැයි ආණ්ඩුව පැවසුවද එන්නත්කරණය සම්බන්ධයෙන් රට තුළ ගැටළුකාරී තත්ත්වයන් රැසක් මතුව තිබෙන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (03) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මේ බව සඳහන් කරන ලදී.

එහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකළේය.

කෝවිඩ් වසංගතය දැඩි අවදානම් තත්ත්වයකට පත්වීමේ පෙර නිමිති දැක ගැනීමට මේ වනවිට හැකිව තිබෙනවා. මෙරටට ලැබුනු ඇස්ට්‍රා සෙනිකා එන්නතෙහි මාත්‍රා ලක්ෂ 13 න් ලක්ෂ හය හමාරක පිරිසකට මාත්‍රා දෙකම ලබාදීමට හැකිව තිබූ නමුත් ආණ්ඩුව ලක්ෂ නවය හමාරක පිරිසකට එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදුන්නා. ලබන ජූලි මාසය වන තෙක් එම එන්නත් මෙරටට ලබාදීමට නොහැකි බව ඉන්දියාව පවසා ඇති බැවින් එන්නත සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව තිබෙනවා. මේ අනුව එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදිය හැක්කේ ලක්ෂ තුනක පිරිසකට පමණයි.

ඒ අනුව පළමු මාත්‍රාව ලබාදුන් විශාල පිරිසකට එහි නිසි ප්‍රයෝජනය නොලැබෙන තත්ත්වයක් ඇතිව තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදීමේදී පළමු මාත්‍රාව ලෙස ලබාදුන් එන්නත් වර්ගය හැර වෙනත් එන්නතක් ලබාදිය නොහැකි බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා. මේ අනුව මෙරටට ලැබුනු ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලක්ෂ 13 න් ලක්ෂ නවය හමාරක පිරිසකට පළමු මාත්‍රාව ලෙස එන්නතරණය කළේ කාගේ උපදෙස් මතදැයි ආණ්ඩුවෙන් විමසනවා. හැකිනම් එසේ පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ නවය හමාරක පිරිස කවුරුන් දැයි පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරනවා. එන්නතෙහි පළමු මාත්‍රාව මෙරට සෞඛ්‍ය අංශවල පිරිස් වෙත ලබාදීම ගැටළුවක් නොවන නමුත් රණවිරුවන් සහ පොලිස් සාමාජිකයින් හැර ප්‍රායෝගිකව භුමිය තුළ ජනතාව සමඟ ගැටෙන වෙනත් එකදු රාජ්‍ය සේවකයෙකුට හෝ එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී නෑ. එන්නත ලබාදුන් ලක්ෂ නවය හමාරක පිරිස කවුරන්දැයි පැවසීමට ඒ නිසා ආණ්ඩුවට නොහැකියි. හිතවතුන්, ඥාතීන්, මිත්‍රයින් ඇතුළු කිසිදු ප්‍රමුඛතාවයක් නොමැති පිරිසකට ආණ්ඩුව එන්නත ලබාදී ඇති බව පෙනීයනවා. මෙම මෝඩ තකතීරු කාර්යය නිසා මේ වනවිට ගැටළු රැසක් උද්ගතව තිබෙනවා. රජය පවා අසරණභාවයට පත්ව සිටිනවා මෙම තත්ත්වය හේතුවෙන්.

මේ අනුව පළමු මාත්‍රාව පවා අපතේ යාමක් සිදුවන බව අවධාරණය කළ හැකියි. සිංහල අවුරුදු සමය සැමරීම සඳහා ආණ්ඩුව ජනතාවට අනියමින් අවසර ලබාදුන්නා. කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් මේ වනවිට රටට හෙළිකරන සංඛ්‍ය ලේඛණ පිළිබඳ අප තුළ විශ්වාසයක් නෑ. ඇතැම් කෝවිඩ් මරණ පිළිබඳ මාධ්‍ය තුළ නිසි කරුණු වාර්තා වන්නේ නෑ.

වසංගතයේ දෙවන රැල්ල තුළ දෛනික ආසාදිතයින් ගණන දහසේ සීමාවට මෙපිටින් තබාගත් ආණ්ඩුව, තෙවන රැල්ලේදී එම ප්‍රමාණය දෙදහසින් එපිටට ගෙන නොයනු ඇති බැවින් සීමාවකට යටත්ව වසංගතය පවත්වාගෙන යාමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පෙනීයනවා.

රසායනික පොහොර ගෙන්වීම අත්හිටුවා වස විස නොමැති ආහාර ජනතාවට ලබාදීමට ආණ්ඩුව සූදානම් වන නමුත් එක්වරම කළ නොහැකි එම කාර්යය දීර්ඝ කාලීන සැලැස්මක් දියත් කර කළයුත්තක් බව ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමැති මහාචාර්යවරුන් පවසනවා. මෙසේ රසායනික පොහොර ගෙන්වීම අත්හිටවූ විට ඊට ලබාදෙන විකල්පය කුමක්දැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුව තිබෙනවා. ඉහත තීරණය හමුවේ මෙරටට ඉතා වැදගත් වන පොල් වගාව සම්බන්ධයෙන් ද ගැටළු රැසක් උද්ගත වේවි. රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමේ තීරණයත් ගව ඝාතනය තහනම් කිරීමේ තීරණය වැනි ජනතාවට ලබාදුන් සිල්ලර ටොපියක් ලෙස හැඳින්විය හැකියි.

හෙට සහ අනිද්දා දෙදින තුළ පාර්ලිමේන්තුව පැවැත්වෙන අතර වරාය නගර කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් කතානායකවරයාට ලබාදෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. රටේ සෛවරීභාවයට හානි වියහැකි මෙම පනත පිළිබඳ වන විවාදය අනිද්දා දින අවසන් වනු ඇති බැවින් ගැටළු රැසක් උද්ගත වන බව පැවසිය හැකියි. ඉහත තත්ත්වය හරහා මෙරට ජාතික ආරක්ෂාව, ජාත්‍යන්තරය හමුවේ දැඩි අවදානමකට ලක්වේවි. ශ්‍රී ලංකාව එක් කඳවුරකට කොටුව තිබෙනවා.

චීනයට එරෙහිව ලොව බලවත් රටවල් එක්ව සිටිනවා. අසල්වැසි ඉන්දියාව, මෙරට අපනයන රැසක් මිලදී ගන්නා ඇමෙරිකාව, පෙර සිටම මෙරටට උපකාර කළ ජපානය ඇතුළු රටවල් රැසක් අප සමඟ විරසකභාවයෙන් යුතුව කටයුතු කරමින් සිටිනවා. විවෘත ආර්ථිකයට බියවූ ඉන්දියාව මෙරට තුළ යුද්ධයක් නිර්මාණය කළා. එය මෙරට ආර්ථිකයට දැඩි අහිතකර ලෙස බලපෑවා. ඒ අනුව වත්මන් ආණ්ඩුව ද ඉන්දියාව සමඟ විරසකභාවයක් ඇතිවන ආකාරයේ විදෙස් ප්‍රපත්තියක් අනුගමනය කරමින් සිටිනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉතා හොඳ මට්ටමේ ව්‍යාපෘතියක් බව අප පිළිගන්නවා. නමුත් එය රටට නුසුදුසු ලෙස ක්‍රියාත්මක වන්නේ නම් දීර්ඝ කාලීන ගැටළුවලට මුහුණදීමට මෙරටට සිදුවේවි. රට ගැටළුකාරී තත්ත්වයකට පත්කරන්නක් වියහැකි බැවින් ඉහත පනත පිළිබඳ යම් කාලයක් ගෙන අධ්‍යයනය කළයුතුයි. මෙය චීනය සතුටු කිරීමට දරණ උත්සහායක් ලෙස හැඳින්විය හැකියි. චීනයට දක්වන ගැතිභාවය, දීර්ඝ කාලීන ගැටළුවකට රට ඇද දමාවි.

ආණ්ඩුව මේ ආකාරයට චීනයේ අවශ්‍යතාවයන්ට අනුව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව සමඟ සිටින පිරම ඊට එරෙහිව නැඟීසිටිය යුතුයි. ඇතැම් ස්වාමීන් වහන්සේලා එලෙස නැඟීසිට ආකාරය අප දුටුවා. ඇතැම් විට මේ වනවිට එම ස්වාමීන් වහන්සේලාගේ කටවල් වසා ඇතැයි සිතෙනවා. මේ අනුව ආණ්ඩුවේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයේ ප්‍රතිවිපාක විඳීමට හැට නව ලක්ෂයක ජනතාවට පමණක් නොව සමස්ත ජනතාවටම සිදුවේවි.

මේ වනවිට මෙරට රාජ්‍ය යාන්ත්‍රණය කඩාවැටී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ට නිසිලෙස, ස්වාධීනව සිය රාජකාරී සිදුකරගෙන යාමට නොහැකිව තිබෙනවා. වෙනසක් ඇතිකරන බව පවසමින්, බලාපොරොත්තු රැසක් ලබාදී ජනතාව රවටා, ජාතිවාදය අවුස්සමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට