අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (06) පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී දීවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණ යන පළාත්වල ස්ථාන කිහිපයකට තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. එමෙන්ම නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ද අද පෙරවරු කාලයේදී වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කර සිටියි.