සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතා බලාපොරොත්තු සුන්කළ ආණ්ඩුව රට, ආර්ථිකය මෙන්ම ජන ජීවිතයත් විනාශ කර අවසන් – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

Podu Jana Peramunaකොරෝනා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් විපක්‍ෂය සිදුකළ ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකර එම ඉල්ලීම් හාස්‍යයට ලක්කළ වත්මන් ආණ්ඩුව වසංගතය පැතිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරමින් ජනතාව දැඩි පීඩාවට පත්කර තිබෙන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (05) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසිනි.

මෙහිදී ඒ මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකර සිටියේය.

ආණ්ඩුව මෙතෙක් ජනතාවගේ ජීවිත අවදානම ආරක්ෂා කරගැනීමට කටයුතු කර නෑ.වසංගතය මෙරටට පැමිණ අවුරුදු දෙකක් ගතව අවසන්. අවශ්‍ය එන්නත් ලබාගැනීම සඳහා ඇණවුම් කිරීම පවා ආණ්ඩුව මෙතෙක් නිසිපරිදි සිදුකර නෑ.ලැබුනු එන්නත් පවා නිසිපරිදි ජනතාවට ලබාදීමට ආණ්ඩුව සතුව සුදුසු වැඩපිළිවෙලක් නෑ. නමුත් ආණ්ඩුව තමන්ට අවශ්‍ය පරිදි සිය හිතමිතුරන්ට එන්නත් ලබාදීමට කටයුතු කර තිබෙනවා. දැන දැනම ජනතාව අනතුරේ දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

කොරෝනා මර්දනය සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන්කර තිබෙන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවා. නමුත් ඒ පැවසූ පරිදි මුදල් වෙන්කිරීමක් සිදුව ඇත්නම් මෙවැනි තත්ත්වයක් රට තුළ ඇතිවන්නේ නෑ.

ජනතාව වත්මන් ආණ්ඩුව බලයට ගෙන ආවේ බලාපොරොත්තු රැසක් ඇතිව. අද වන විට ආණ්ඩුව ඒ බලාපොරොත්තු සියල්ල සුන්කර අවසන්. මේ වනවිට රටත් ආර්ථිකයත් ජන ජීවිතයත් යන සියල්ල විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තුවත් විනාශ කරලා. ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී තීන්දු තීරණ ගන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට පමණයි. ආණ්ඩුව විපක්ෂයේ අදහස් හෝ යෝජනා පිළිබඳව කිසිදු සැලකිල්ලක් යොමුකිරීමට කටයුතු කරන්නේ නෑ.

ආණ්ඩුවට අවශ්‍ය පරිදි තමයි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස්වීම සිදුවන්නේ. එවැනි තත්ත්වයක් තුළ කථානායකවරයා පවා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරනවා. එතුමාට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ලෙස කටයුතු කිරීමට නොහැකිව තිබෙනවා. කථානායක ධුරයේ පවතින ස්වාධීනත්වය පිළිබඳව කිසිදු අවබෝධයක් වත්මන් කතානායකවරයාට නැහැ. අද වන විට කථානායකවරයාගේ වගකීම මෙහෙයවන්නේ දිනේෂ් ගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට අවශ්‍ය පරිදියි. කථානායකවරයා පඹයෙක් බවට පත්ව සිටිනවා. කොරෝනා වසංගතය රට තුළ භයානක ලෙස ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයක් තුළ පිළියන්දල ප්‍රදේශය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනන්නේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා හෝ යුධ හමුදාපතිවරයා නොව ලොකුගේ එම්.ඕ.එච් මහතායි. ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි පිළියන්දල ප්‍රදේශයේ තීන්දු තීරණ ගැනීම සිදුකරන්නේ නම් සෞඛ්‍ය බලධාරීන් රටට අවශ්‍ය නෑ.

අද වන විට කාදිනල් හිමියන් පවා නිෂ්ශබ්ද කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. කතෝලික ජනතාවට සිදුවු අසාධාරණය වෙනුවෙන් පෙනීසිටීමට පිරිස් ඉදිරිපත්විය යුතුයි. විපක්ෂය ලෙස අප කතෝලික ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනීසිටිනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර නොගෙන ආණ්ඩුව දිගින් දිගටම දේශපාලන දඩයමක් පමණක් දියත් කරමින් සිටිනවා. සියළුම රසායනික පොහාර වර්ග සහ රසායනික ද්‍රව්‍ය ගෙන්වීම නතර කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

මෙම තීරණයෙන් සිදුවන පාඩුව ගෙවීමට රජය සූදානම් බව මහින්දාන්නද අමාත්‍යවරයා පවසා තිබෙනවා. මෙය විහිළු සහගත ප්‍රකාශයක්. රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම යහපත් තීරණයක් වුවත් ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. එසේ නොකර මෙවැනි තීරණ ගැනීම තුළින් සමස්ත ගොවි ජනතාවම දැඩි පීඩාවකට පත්වනවා.

මහජන ඡන්දයෙන් තේරීපත් වු කිසිදු ජනතා නියේජිතයෙකුට කොළඹ වරාය නගර පනතට සහයෝගය ලබාදීමට නොහැකියි. යම් මන්ත්‍රීවරයෙකු එමේ එම පනතට සහයෝගයක් ලබාදෙන්නේ නම් එය පාවාදීමක් ලෙස පෙන්වාදිය හැකියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට