දුම්රිය කිහිපයක් අවලංගුයි..
නැවත දැනුම්දෙන තුරු රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු කාර්යාල දුම්රිය 22 ක් අවලංගු කිරීමට තීරණය කර ඇත. පවතින වසංගත තත්ත්වය හමුවේ මඟීන් ප්‍රමාණය පහළ යාම නිසා මෙම තීරණයට එළඹි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.