සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව වසංගතය කෙරෙහි නිසි අවධානයක් යොමුකර වගකීමෙන් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක

Podu Jana Peramunaමේ වනවිට කොරෝනා වසංගතය දැඩි අවදානම් තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවත් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ද ඉහළයමින් පවතින අතර ආණ්ඩුව හිතාමතාම වසංගතය පිළිබඳ තොරතුරු හෙළිනොකරන බව වගකීමෙන් පැවසිය හැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් නවීන් දිසානායක මහතා මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකළේය.

අප වසංගතය සමඟ දේශපාලනය කරන්නේ නෑ. නමුත් ආණ්ඩුව වසංගතය කෙරෙහි නිසි අවධානයක් යොමුකර වගකීමෙන් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ නෑ. ආණ්ඩුව ප්‍රමුඛතාවය ලබාදෙන කාර්යයන් පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් මතුවෙමින් පවතිනවා. එන්නත්කරණය පිළිබඳ ගැටළු රැසක් මතුව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන එන්නත් පමණක් මෙරට ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

දක්ෂ පරිපාලකයෙකු වන වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඉතා ඉහළ මට්ටමේ ස්ථානයකට පත්කරන ලෙස ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා පත්කර තිබෙන අමාත්‍යවරුන් තිදෙනා එකමුතු භාවයකින් කටයුතු නොකරන බව වගකීමෙන් පැවසිය හැකියි. පවතින වසංගත තත්ත්වය හමුවේ හෝ ඔවුන් එකමුතු වී කටයුතු කළයුතු බව අවධාරණය කරනවා.

කොරෝනා අරමුදලෙහි මුදල් සඳහා සිදුව ඇත්තේ කුමක්දැයි විමසීමට සිදුවනවා. වසංගතයට නිසි පරිදි මුහුණදීමට ජනතාව සතුවද යම් වගකීමක් පවතිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට