සත්‍යයේ පුවත් අඩහැරය….

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ අද (07) උදෑසන සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අනාවරණය කර සිටියි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බලප්‍රදේශයේ ඇල්දෙණිය නැගෙනහිර, සූරියපාලුව දකුණ, සූරියපාලුව උතුර, පහළ කරගහමුණ උතුර, ඉහළ කරගහමුණ උතුර, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හල්පිට (570), කැස්බෑව නැගෙනහිර, මාකන්දර බටහිර, නිවුන්ගම, පොල්හේන, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ පිඹුර, මතුගම පොලිස් බලප්‍රදේශයේ යටියන බටහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කර තිබේ. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බලප්‍රදේශයේ ඉඟුරුදළුව, මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ පැලවත්ත නැගෙනහිර, මිරිස්වත්ත, පහල හේවෙස්ස යන ග්‍රාම නිලධාරි වසම් මේ වනවිට හුදකලා බවින් ඉවත් කිරීමට ද තීරණය කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට