සත්‍යයේ පුවත් අඩහැරය….

හෙද ගැටළුවලට විසඳුම් ඉල්ලා හෙද සංගම් හෙට (31) වර්ජනයක ..

Podu Jana Peramunaකොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව  සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පවසා සිටින්නේ අදාළ ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව හෙට උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් පවසයි. මේ අතර සිය ඉල්ලීම් සඳහා නිසි  පිළිතුරු ලබානොදීම හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇති බව සඳහන් වේ. ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන බවට බලධාරින් පොරොන්දු වීම හේතුවෙන් සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට