සත්‍යයේ පුවත් අඩහැරය….

ණය ගනුදෙනුකරුවන්ට සහන, මහබැංකුවෙන් බැංකු වෙත දැනුම්දීමක්..

Podu Jana Peramunaතම ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන්නැයි බලපත්‍රලාභී වාණිජ සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් කර තිබෙන බව වාර්තා වේ. රට තුළ උද්ගතව තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ණය ගනුදෙනුකරුවන්ට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාවයන් පිළිබඳ අවධානය යොමුකරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දැනුම්දීම සිදුකර ඇත. ඒ අනුව දුෂ්කරතාවයන් මුහුණදී සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබාදිය යුතුවන සහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකු විශේෂ උපදෙස් මාලාවක්ද ලබාදී ඇත. එම උපදෙස් මාලාව අනුව සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා 2021 මැයි 15 වන දින සිට මුල් මුදල හෝ ණය පොළිය යන කොටස් දෙකම අයකර ගැනීමේ කාලය අගෝස්තු 31 තෙක් කල්දැමිය යුතු වේ. අක්‍රීය කාණ්ඩයේ ණය පහසුකම් සඳහා වන සියලුම අයකර ගැනීම් ද අගෝස්තු 31 තෙක් කල්දැමිය යුතුය. එමෙන්ම ලක්‍ෂ 05 ට අඩු චෙක්පත්වල වලංගු කාලය ජුනි 30 තෙක් දිර්ඝ කෙරෙන අතර කෙටී කාලීන චක්‍රීය ණය පහසුකම් පියවීමට අගෝස්තු 31 තෙක් අවස්ථාව සලසා දියයුතුය. අදාළ සහන ලබාගැනීමට බලාපොරොත්තු වන ණය ගනුදෙනුකරුවන් ජුනි 21 හෝ ඊට පෙර අදාළ බැංකු වෙතින් ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් සිය ඉල්ලීම ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට