ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..
අද (02) දිනයේදීද දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. එමෙන්ම අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකද වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතියි.