විදුලි සැපයුමේ හදිසි බිඳ වැටීමක්, අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජල සැපයුමට බාධා..
විදුලි සැපයුමේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජල සැපයුමට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වේ. ඒ අනුව කොලොන්නාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ ජල සැපයුමට යම් යම් බාධා එල්ලවී තිබෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. මෙම විදුලි බිඳවැටීහ කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.