සත්‍යයේ පුවත් අඩහැරය….

ගංඟා ආශ්‍රිත ජල මට්ටම් ඉහළට, ගං වතුර තත්ත්වයේ ඉහළ යාමක්..

Podu Jana Peramunaපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැළණි ගඟ ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිතව ඇතිව තිබෙන සුළු ගංවතුර තත්ත්වය සැලකියයුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වියහැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි. ගංඟා ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ජලමාපකවල ජල මට්ටම් ඉදිරි පැය කිහිපය තුළ උතුරා යෑමේ අවදානම් තත්ත්වයක් මතුවෙමින් පවතින බැවින් දෙහිඹ්විට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ගං වතුර තත්ත්වය තවදුරටත් ඉහළයා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

එමෙන්ම කළු ගඟ, ගිං ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජල මට්ටම්ද ඉහළ යමින් තිබෙන බැවින් එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජනතාවද ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දීමක් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර සහ අගලවත්ත යන ප්‍රදේශ සඳහාද නායයෑමේ අවදානම් රතු නිවේදන නිකුත්කර ඇත. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර තිබෙන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන අද (04) සවස 06.00 දක්වා දීර්ඝ කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට