අඩු ආදායම් ලාභීන්ටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය..
අඩු ආදායම් ලාභීන්ටද රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ මෙම තීරණයට එකඟතාවය හිමිව ඇත. ඒ අනුව සමෘද්ධි ලාභීන්ට අමතරව අඩු ආදායම් ලාභී පවුල්වලටද රුපියල් 5,000 දීමනාව හිමිවනු ඇත.