ගෑස් මිල ඉහළ දමන්න සමාගම් අවසර ඉල්ලයි..
ගෑස් මිල ඉහළ නැංවීමට අවසර ලබාදෙන්නැයි මෙරට ගෑස් සාමගම් දෙක විසින් අද (16) රැස්වූ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් 600 කින් සහ ලාෆ් ගෑස් සමාගම රුපියල් 700 කින් තම ගෑස් මිල වැඩිකිරීමට අවසර ලබාදෙන මෙන් අමාත්‍ය අනුකමිටුවෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත් අමාත්‍ය අනුකමිටුව සහ ගෑස් සමාගම් අතර අද පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ගෙන් ඉහත අමාත්‍ය අනුකමිටුව, රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ විශේඥයින් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ගෑස් මිල සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී ගෑස් සමාගම් වෙත වධාරණය කර ඇත.