ඔන්ලයින් ක්‍රමයට මත්පැන් වෙළෙඳාමට අවසර..
ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් වෙළෙඳාම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදීමට මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාත්මක කළ හැකි වන්නේ කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ අනුමැතිය හිමිවුවහොත් පමණක් බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.