සත්‍යයේ පුවත් අඩහැරය….

දේශපාලන විද්‍යාව අනුව එක් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් අතැතිව වුවද අග්‍රාමාත්‍යධූරයට සහ ජනාධිපතිධූරයට පත්විය හැකියි – එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන

Podu Jana Peramunaමේ වනවිට රටෙහි සෑම අංශයකම බරපතල කඩාවැටීමක් සිදුවෙමින් පවතින බවත් වසංගත තත්ත්වයක් පැවතියදී පවා ලොව ඇතැම් රටවල් යම් ප්‍රගතියක් අත්කර ගැනීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කළද මෙරට තුළ එවැනි තත්ත්වයක් දක්නට නොලැබීම ඛේදවාචකයක් බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. අද (16) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසිනි.

මෙහිදී වජිර අබේවර්ධන මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකර සිටියේය.

ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් පහළ දමා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැටුප් වැඩි කර ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව කටයුතු කළා. පොහොර ගැටළුව නිසා මෙරට ගොවි ජනතාව මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

යහපාලන ආණ්ඩු සමයේදී ලොව කිසිදු රටකින් කිසිදු ආධාරයක් ලබා නොගෙන මෙරට මහා භාණ්ඩාගාරයේ මුදල් පමණක් යොදවා විදෙස් තාක්ෂණය භාවිතා කරමින් රට පුරා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මධ්‍යස්ථාන 09 ක් ඉදිකළා. මේ වනවිට දඹුල්ල නගර සභාව එසේ නිපදවන කාබනික පොහොර අලෙවි කරනවා. නමුත් මේ පිළිබඳ ජනතාව කිසිවක් දන්නේ නෑ. එසේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා පියවර ගෙන තිබුනත් පොහොර භාවිතයෙහි වෙනසක් කිරීමට යහපාලන ආණ්ඩුව පියවර ගත්තේ නෑ.

ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ජාත්‍යන්තරය තුළ අපකීර්තියට පත්වෙමින් සිටිනවා. යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාගන්නා ලද ජී.එස්.පී ඇතුළු ජාත්‍යන්තර සහන සියල්ලම පාහේ මෙරටට අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

දේශීය මෙන්ම ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රය තුළ ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින, පස් වතාවක් මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළයුතු බව පක්ෂ‍ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කළා. මේ සම්බන්ධයෙන් වන ලිපි ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට භාරදී තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය නුදුරු දිනකදී නිකුක් වේවි. ඒ අනුව ලබන 23 වනදා පෙරවරු 10.00 ට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.

පරිණත දේශපාලන නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා, මන්ත්‍රීධූර 40 ක් සහිත අගමැතිවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගේම සහායෙන් ජනාධිපතිධූරයේ විධායක බලතල සීමාකරමින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තා. ස්වාධීන කොමිෂන් සභා 09 ක් ද පිහිටුවීමට එතුමා කටයුතු කළා. පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැතිව නව ව්‍යවස්ථාවක් සම්මත කරගත් එකම දේශපාලඥයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

දේශපාලන විද්‍යාව අනුව එක් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් අතැතිව වුවද අග්‍රාමාත්‍යධූරයට සහ ජනාධිපතිධූරයට පත්විය හැකියි. ඒ ගැන කවුරුත් කලබල විය යුතු නෑ.

විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුත්තේ එක් පුද්ගලයෙකුට එරෙහිව නොව සමස්ත රජයටම එරෙහිව බව සමගි ජන බලවේගයට අවධාරණය කරනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට