සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයකට ..

Podu Jana Peramunaමෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.පසුගිය ජුනි මස පළමු වැනිදා සිට මෙම ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ වු බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.ඒ අනුව පසුගිය වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ ස්වකීය පදිංචියට අදාළ තොරතුරු පරික්ෂා කොට බලා එම ලියාපදිංචි ස්ථානය සංශෝධනය කළ යුතු නම් පමණක් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.පදිංචි ස්ථානය සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී ඊට අදාළ ආකෘති පත්‍රය සම්පූර්ණ කොට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.මේ අතර පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම් පත්‍ර සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා තමා ලියාපදිංචි වී සිටින ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා මුණගැසී තොරතුරු ලබාගත හැකි බවද දැනුම් දෙයි.එමෙන්ම www.elections.gov.lk යන මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ද පසුගිය වසරවල තොරතුරු ලබාගත හැකි බව එම කොමිසම සඳහන් කළේය.එමෙන්ම මෙම තොරතුරු ග්‍රාම නිලධාරී හෝ වෙනත් නිලධාරියෙකු විසින් සහතික කිරීම අවශ්‍ය නොවන බව ද ඔවුන් අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට