සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තලංගම ඩිපෝවෙන් ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ ..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තලංගම ඩිපෝවේ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය තැන්පත් කර තිබෙන කාමරයක් තුළ කුඩා පෙට්ටියක තිබූ ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 26 ක් තලංගම පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.මෙම ජීව උණ්ඩ තිබූ කුඩා පෙට්ටියේ අයිතිකරු වන රියැදුරු සේවය නිම කර කැකිරාව ප‍්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවසට යෑම සඳහා පිටත්ව ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය. සේවය සඳහා පැමිණි වෙනත් රියැදුරකු සේවක විවේකාගාරයට පැමිණ රාජකාරි කටයුතු සඳහා පිටත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේදී ජීව උණ්ඩ දෙකක් කුඩා පෙට්ටිය අසල බිම වැටී තිබ දැක ඇති අතර තලංගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඉටි උරයක අසුරා තිබූ මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ. ඩිපෝව ආසන්නයේ පිහිටි ප‍්‍රධාන මාර්ගයේ ප‍්‍රභූවරුන් හා ආරක්ෂක අංශයේ ප‍්‍රධාන නිලධාරීන් ගමන් ගන්නා බැවින් මෙම ජීව උණ්ඩ යම් අපරාධයක් කිරීම සඳහා යොදා ගැනීමේ අදහසින් මෙම කුඩා පෙට්ටිය තුළ ගබඩා කර තිබුණේ ද යන්න හා මෙම පුද්ගලයාට ජීව උණ්ඩ ලැබුණේ කාගෙන්ද යන්න සෙවීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට