නිරෝධායන නීති උල්ලංඝනය කළ 361 ක් අත්අඩංගුවට..
ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 361 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව මේ දක්වා ගතව ඇති සම්පූර්ණ කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසා පුද්ගලයින් 44,216 ක් අත්අඩංගුවට පත්ව ඇත.