අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (03) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. එමෙන්ම අද පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.