සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ අර්බුද විසඳීම වෙනුවට දේශීය සම්පත් කුණු කොල්ලයට විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

Podu Jana Peramunaරට තුළ මේ වනවිට උද්ගතව තිබෙන විදේශ විනිමය හිඟය විසඳීම සඳහා ව්‍යුහාත්මක මූල්‍ය විසඳුමක් සෙවීම වෙනුවට දේශීය සම්පත් විදෙස් රටවලට කුණු කොල්ලයට විකිණීමට කටයුතු කරමින් සිටින වත්මන් ආණ්ඩුව වැනි ආණ්ඩුවක් රටට අවශ්‍යදැයි සිතාබැලීමට සිදුව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අවධාරණය කර සිටියි. පසුගියදා කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී.

එහිදී කබීර් හෂීම් මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වා සිටියේය.

ඛණිජ තෙල් අමාත්‍යවරයා සැලසුම් සහගතව කටයුතු කරන බවක් දක්නට ලැබෙන්නේ නෑ. සංචරණ සීමාවන් තවදුරටත් යම් ආකාරයකින් ක්‍රියාත්මක වන නිසා තෙල් ඉල්ලුම සාමාන්‍ය පරිදි සිදුනොවන බව සිතා හෝ පවතින ඩොලර් හිඟය නිසා හෝ නිසි වේලාවට තෙල් ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කරලා නෑ. පසුගිය සතිය වන විට ඛණිජ තෙල් සංස්ථාවෙන් හදිසි ලංසු කැඳවීමක් සිදුකර තිබෙනවා.

එවැනි හදිසි ටෙන්ඩර් කැඳවීමක් සිදුකර ඇත්තේ කුමක් නිසාද යන්න විමසිය යුතුයි. එම ලංසුවට අනුව තෙල් බැරල් 170000 ක් ගෙන්වීමට නියමිතව තිබෙනවා. ඊට එක් ලංසුකරුවෙකු පමණක් ඉදිරිපත්ව තිබු අතර පසුව කුමන හෝ හේතුවක් මත එය අවලංගු වී තිබෙනවා. 92 වර්ගයේ පෙට්‍රල් වල හිඟයක් පවතින බවට යම් ආකාරයට තොරතුරු වාර්තා වනවා. රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ පවසමින් බලයට පත් ආණ්ඩුව රට තුළ තෙල් සුරක්ෂිවතතාවය ඇති කිරීමට නොහැකි වී තිබෙනවා. එවැනි ආණ්ඩුවකින් රටට කිසිදු යහපතක් බලාපොරොත්තු විය නොහැකියි. බලශක්ති ක්‍ෂේත්‍රයට සම්බන්ධ සම්පත් පවා ආණ්ඩුව විකිණීමට කටයුතු කරමින් සිටිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට