ප්‍රදේශ රැසකට අද වැසි..
අද (09) දිනය තුළ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල ස්ථාන රැසක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම උතුරු පළාත තුළද ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග පවසයි. අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකටද වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.