සත්‍යයේ පුවත් අඩහැරය….

එස්.බී. ජනපති රනිල්ගේ ගුණ ගයයි..

Thissaශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම් මේ වන විට අතරමන්ව සිටින බව පා.ම. එස්.බී. දිසානායක මහතා පැවසීය. ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නම් සමගි ජන බලවේගයෙන් හෝ පොදුජන පෙරමුණෙන් නාමයෝජනා පත්‍ර භාරගැනීමට සිදුවන බවත්, මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දීමට කටයුතු කළේය.

2021 වසරේදී රට විශාල ආර්ථික ප්‍රපාතයකට වැටුන බවත්, නමුත් එහි සම්පූර්ණ චෝදනාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැටවීමට විපක්‍ෂය ලැජ්ජාවක් නොමැතිව උත්සහයක යෙදුන බව දිසානායක මහතා එහිදී චෝදනා කරනු ලැබීය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රට භාරගෙන සිටියදී කොරෝනා වසංගතයට මුහුණ දීමට සිදුවූවත් එය හොඳින් පාලනය කිරීමට හැකිවූ නමුත් කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී වැරදි උපදෙස් පිළිගැනීම හේතුවෙන් එය මෙරට ආර්ථිකයට විශාල ගැටලුවක් එල්ල කිරීමට තුඩු දුන් බවයි මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ.

අරගලයෙන් පසුව කිසිවකුත් රට භාරනොගත් අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා එයට මැදිහත්වූ බවත්, ඉතා කෙටිකාලයක් තුළ එතුමා නොසිතූ වේගයකින් රට සංවර්ධන තලයට ගෙනඒමට කටයුතු කළ බවත්, ඒ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය යුතු බවත්, මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට