සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම සඳහා විපක්‍ෂ එකාමෙන් පෙළගැසෙනවා, ජී.එල්.පීරිස් …

Thissaපාර්ලිමේන්තුව විධායකයේ ග්‍රහණයට ලක්වුවහොත් මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වන බවත්, 93 වසරක් ආරක්ෂා කළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත්, පා.ම. ජී.එල් පීරිස් මහතා පැවසීය. විපක්‍ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවට අත්සන් ලබා ගැනීම අද දිනයේ සිදුවූ බව මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා පැවසීය. මාර්ගගත ආරක්‍ෂණ පනත ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බවත්, කථානායකවරයා අධිකරණයේ නියෝගද පැහැර හරිමින් කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කරනු ලැබීය.

කතානායකවරයා යනු විධායකයේ දිගුවක් නොවන බවත්, මාර්ගගත ආරක්‍ෂණ පනත සම්මත කරගත්තාසේ ප්‍රතිත්‍රස්ත පනත ද සම්මත කරගතහොත් නීතිය ස්වාධීනත්වය නිසේද වන බවත්, එය රටේ ආර්ථිකයට ද බලපාන බැවින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනඒමට තීරණය කළ බව හෙතෙම පැවසීය.

පොලිස්පතිවරයෙක් පත්කර ගැනීම ප්‍රමාද වන්නේ විධායකයේ හා ව්‍යවස්ථා සභාව අතර පවතින මත ගැටුම නිසා බවත්, ස්වාධීන කොමිෂන් සභා වත්මන් විධායකයේ ග්‍රහණයට ලක් කිරීමට උත්සාහ කරන බවත්, එසේ කළහොත් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට විපක්‍ෂය පෙළගැසෙන බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට