සත්‍යයේ පුවත් අඩහැරය….

කතානායකට එරෙහිව විපක්‍ෂයෙන් විශ්වාසභංගයක්…

Thissaකතානායකවරයාගේ පක්‍ෂග්‍රාහී ක්‍රියාකලාපය හේතුවෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද (26) දි විපක්‍ෂ නායක කාර්යාලයේදී විශ්සභංගයක් සඳහා අත්සන් කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ආකාරයට උත්තරීතර නීතිය අනුගමනය කරමින් නිවැරදිව ක්‍රමවත්ව අණපනත් සම්මත කරගැනීම සිදු කළයුතු වුවත් එය හිතාමතාම උල්ලංඝනය කර ඇති බවත්, මාර්ගගත සුරක්ෂිතතා පනත සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය තුළ කතානායකවරයාගේ ක්‍රියාකලාපය ගැන ඔහුට අප්‍රසාද පළ කරමින් ඔහු තුළ ඇති විශ්වාසය භංග වී ඇති බවත්, එහිදී විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන කුළුණු 3 ක්‍රියාත්මක වන බවත්, අණපනත් සම්මත කර ගැනීම ව්‍යවස්ථාදායකය හරහා ක්‍රියාත්මක වන අතර එය නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කිරීම කතානායකවරයා ප්‍රමුඛ බලධාරීන් සතු වගකීමක් වුවත් මාර්ගගත සුරක්ෂිතතා පනත අද දවසේ නීතියක් බවට පත් වූයේ අනීතික ක්‍රමවේදයක් තුළ බව වැඩිචුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය.

“අවස්ථා ගණනාවකදී සභාගර්බය තුළ හා ඉන් පිටත මේ වැරදි දේ නිවැරදි කර ගන්නා ලෙස තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනා ඉදිරිපත් කළත් ඔහු හිතාමතාම එම යෝජනා බැහැර කිරීම නිසා මෙවැනි විශ්වාසභංග යෝජනාවකට මුල පුරන බවත් මෙය ඊළඟ පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක්කරන බවත්, ඉන් පසුව කඩිනමින් එය විවාදයට ගෙන ඔහුව තනතුරෙන් ඉවත් කිරිමට කටයුතු කරන බව” විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.


3b82b038-c280-4448-a7eb-b7b86b66baf1

55f1bc86-05a2-4f89-b042-fec8fa43e005

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට