සත්‍යයේ පුවත් අඩහැරය….

නවලෝක රෝහල විකිණීමට අධිකරණයෙන් අවසර…

Thissaරුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය මුදලක් නොගෙවීම හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවට සින්න වූ කොළඹ නවලෝක රෝහල විකිණීමට අධිකරණය අවසර ලබාදී ඇත. නවලෝක රෝහල විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා කළ ඉල්ලීමක් සලකා බලමින් වාණිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා අදාළ තහනම් නියෝගය ඉවත් කිරීමට කටයුතු කළේය.

නවලෝක රෝහල අයත් සමාගම හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් ණය මුදල් සහ ඊට අදාළ පොළිය නොගෙවීම නිසා ඇපයක් වශයෙන් තැබූ එම පෞද්ගලික රෝහල සහ ඊට අදාළ පරීශ්‍රය විකුණා බැංකුවට අයවිය යුතු මුදල් හා ඊට අදාළ පොළිය අයකර ගැනීමට බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කර ඇති බව බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට