සෞඛ්‍ය ගැටළු විසඳන තාක්ෂණික කමිටුව අද රැස්වේ ..
වෛද්‍යවරුන්ට වැඩි කළ ඩැට් දීමනාව ඉල්ලා වර්ජනයේ නිරත වූ සෞඛ්‍යය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ තාක්ෂණික කමිටුව අද යළි රැස්වීමට නියමිතව ඇත. ඊට අදාළ තාක්ෂණික වාර්තාවක් සකස් කිරීමේ කටයුතු අදින් අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි අවසන් වාර්තාව හෙට දිනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව එම වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කරයි.