සත්‍යයේ පුවත් අඩහැරය….

මෙවර මැයි දිනය අති උත්කර්ෂවත් අයුරින්, එස්.එම් චන්ද්‍රසේන…

Thissaඉදිරි මැතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ ප්‍රතිපත්තීන් ජනතාව අතර ගෙනයාමේ දිස්ත්‍රීක් සාකච්ඡාවන් ලබන 30 වනදා හම්බන්තොටදී පැවැත්වීමට පක්‍ෂය තීරණය කර ඇති බව පා.ම. එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය. ඒ නෙළුම් මාවත පක්‍ෂ කාර්යාලයේදී අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්ය.

එම පක්‍ෂයේ නිර්මාතෘවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඉතාමත්ම වේගයෙන් ඉදිරියට ගෙනයාම සඳහා වැඩපිළිවෙලක් සකස්කර ඇති බවත්, ඒ අනුව පක්‍ෂ මූලස්ථානයට පළමුවෙන්ම ප්‍රාදේශීය සභාවල හිටපු පළාත් පාලන ආයතනවල සභාපතිවරු, නගරාධිපතිවරු කැඳවීමට කටයුතු කර සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළ බවත්, ඉන්පසුව ආසන සංවිධායකවරු කැඳවා පක්ෂකයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව සාකච්ඡා කිරීමට කටයුතු කළ බවත්, පක්ෂධය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සෑම දිස්ත්‍රීක්කයක් තුළම පවතින පක්ෂ යේ විවිධ සංවිධාන වල නියෝජිතයින් කැඳවා සාකච්ඡා පවත්වා අවසන් වන අතර ඉදිරියේදී දිස්ත්‍රීක් මට්ටමින් රැස්වීම් පැවැත්වීමට කටයුතු කරන බව.

මෙවර මැයි දිනය ඉතාම උත්කර්ෂවත් අන්දමින් සැමරීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටින බවත්, ඒ සඳහා මේ වන විට කැම්බල් පිටිය වෙන්කර ඇති බවත්, මැයි දින සැමරුම සඳහා පක්‍ෂය නියෝජනය කරන සියලුම සාමාජිකයින්, ක්‍රියාකාරීන්, අනුබද්ධ සංවිධාන, මහජන නියෝජිතයින්, පළාත් පාලන ආයතන, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු පිරිස් සහභාගිකරවා ගැනීමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට