පොහොට්ටුවේ තීරණාත්මක රැස්වීමක් අද…
ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස් වීමට නියමිතව ඇත. එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේදී එම රැස්වීම පස්වරු 03 ට පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ.