සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරියේදී සිරිකොත ස.ජ.බ.ය සතුවේ, සුජීවගෙන් ඉඟියක්…

Thissaමෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයන් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම අරුමයක් නොවන බව හිටපු පා.ම. සුජීව සේනසිංහ පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දෙක තුළ අර්බුධකාරී තත්ත්වයන් ඇති කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඒ එතුමාගේ ජනාධිපති ධූරය රැකගැනීම වෙනුවෙන් බව සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

අද (09) දින විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සේනසිංහ මහතා මේ බව පැවසීය. කෙසේවෙතත් සමගි ජන බලවේගය ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයක් සඳහා සාර්ථකව මුහුණ දීමට සූදානම් බවත්, රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ජනතාවගේ බුද්ධිය පාවිච්චි කරමින් ඡන්දය ලබාදී රටේ අනාගතය භාරදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත්, මේ රට පොඩි රටක් නිසා එහි පරිපාලනය හොඳ පිරිසකට භාරදුන්නොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකි බව ඒ මහතා පෙන්වා දීමට කටයුතු කර ඇත.

සිය පවුල නඩත්තු කිරීමේ අභිප්‍රායෙන් දේශපාලනයට පැමිණෙන්නේ නම් කිසිඳු අවස්ථාවකදී රටට යහපතක් නොවන බවත්, නමුත් සමගි ජන බලවේගයේ එවැනි කිසිවකුත් නොමැති බවත්, සමගි ජන බලවේගය පක්‍ෂයේ ආර්ථිකය සම්බන්ධයෙන් හොඳ දැනුමකිත් යුතු පිරිසක් සිටින බැවින් ජනතා විමුක්ති පෙරමුණ පවසන ආකාරයට ඕනෑම අවස්ථාවකදී විවාදයකට සූදනම් බව සේනසිංහ මහතා පැවසීය.

පසුගිය දින සමගි ජන බලවේගය විසින් අත්සන් තැබූ සන්ධානය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ගැටලුවක් ව ඇතිවී තිබෙන බවත්, සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් හිමි කරගත්තොත් එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය සමගි ජන බලවේගය සතු වන බැවින් එය ඔවුන්ට ප්‍රශ්නයක් වී ඇති බවද ඒ මහතා පවසා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට