සත්‍යයේ පුවත් අඩහැරය….

මැයි දිනයට ගෝල්ෆේස් දෙන්නැයි ජනපතිට, ස.ජ.බ.යෙන් අභියෝගයක්…

Thissaසමගි ජන බලවේගයට මැයි දින රැලිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස් පිටිය දෙන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන බව හිටපු පා.ම. සුජීව සේනසිංහ මහතා පැවසීය. මැයි දිනය සාර්ථකව පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු සිදුකරමින් යන බවත්, මෙවර ලක්ෂ 1 ½ කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බවත්, ඒ සඳහා සුදුසු ස්ථානයක් ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ව සහ ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර වාහන නැවැත්වීමේ සහ ජනතාව හැසිරවීමේ හැකියාවක් පවතින හොඳම ස්ථානය ලබාදෙන ලෙසට ඉල්ලීම් කළද එහිදී පුරහල ආශ්‍රීත ස්ථානය ලබාදීමට යම් එකඟතාවයක් පැවැතිය නමුත් එම ස්ථානය ජනතා විමුක්ති පෙරමුණට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවත්, එතුමා ඔවුන් සමඟ ලගින් ඇසුරුකම්ද පවත්වමින් සිටින බවත්, ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුවද ජනතා විමුක්ති පෙරමුණ බවත්, ප්‍රධාන විපක්‍ෂය සහ විශාල ජනතාවක් රැස්කරන පක්ෂයට එම ස්ථානය ලබානොදීමට කටයුතු කර ඇති බව සුජීවර සේනසිංහ මහතා එහිදී චෝදනා කර ඇත.

මැයි දිනය පැවැත්වීමට සුදුසු ස්ථානයක් ලබාදීම රජයේ වගකීමක් බවත්, ලේක්හවුස් ආයතනය ඉදිරිපිට සමගි ජන බලවේගයට ලබාදීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, ස.ජ.බ.යේ මැයි දින සංවිධාන කටයුතු අඬපන කිරීමට ආණ්ඩුවේ පිරිස්, බලධාරීන් සහ අදාළ පාර්ශවයන් කටයුතු කර ඇති බව මන්ත්‍රීවරයාගේ චෝදනාව වී ඇත. කෙසේවෙතත් සුදුසු ස්ථානයක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් අරලියගහ මන්දිරය වට කිරීමට සිදුවන බවට මන්ත්‍රීවරයා ඉගියක්ද ලබාදී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට