සත්‍යයේ පුවත් අඩහැරය….

තිස්ස කුට්ටිගෙන් කාදිනල් හිමිට චෝදනාවක්….

Thissaමැයි රැලියකදී වැඩකරන ජනතාව ඒකරාශී කරමින් වාර්තාවක් පිහිටවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, එහිදී වැඩකරන ජනතාව සතුටින් සිටි කාලවකවානුයේද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී බවත්, නමුත් මේ වන විට ග්‍රාමීය මට්ටමේ ආර්ථිකය පහල බසිමින් පවතින බව තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය. අද (22) නෙලුම් මාවත පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා ඇති අතර එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මෙවර මැයි රැලියේදී ලක්ෂයකට අධික ජනතාවක් ඒකරාශි කරවීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත්, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමක් කරගැනීම වෙනුවෙන් යලිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමඟ ඒකරාශි වන ලෙසට සියලූම දෙනාට ආරාධනා කරන බවත්, තරුණ ජාතික සංවිධායකයකු විසින් මෙවර මැයි රැලිය සංවිධානය කරන බැවින් එය සාර්ථකව පැවැත්වීමට සහයෝගය ලබාදෙන ලෙසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදී ආරම්භ කරන ලද ව්‍යාපෘති යලිත් මේ රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කර එය නිවැරදි දිසාවකට ගෙනයා යුතු බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇත.

පසුගිය දින මෙරට තුළ සිදුවූ පාස්කු ප්‍රහාරයේ වගකීම එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරගැනීමට සිදුවන බවත්, තවද ඊයේ දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාව පත් කරමින් එම පක්ෂය තුළ අර්බුධයක් ඇති කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බවත්, පක්ෂ‍යක් නිසි ආකාරව පාලනය කරගැනීමට නොහැකිව පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවීම සාමාන්‍ය සිදුවීමක් සේ දකින බව මන්ත්‍රීවරයා පැවසීය.

කාදිනල් තනතුර රටට වටිනා නතතුරක් බැවින් එම තනතුර ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙසට කාදිනල් හිමිපානන් වහන්සේගෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට