සත්‍යයේ පුවත් අඩහැරය….

මනාප පොරයට සංධානයේ අපේක්ෂකයින් අතර බලු පොරයක්..

minister-s-m-chandrasenamr_dumindaමහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් අතර වන ගැටුම් දැන් උග‍්‍ර තත්ත්වයට පත්ව තිබේ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ මෙවර මැතිවරණයේ පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩකි‍්‍රයාවලින් වැඩි කොටසක් සන්ධාන ආධාරකරුවන් අතර වන ගැටුම් බවයි. මෙය මීට පෙර මැතිවරණවලදී නොදුටු තත්ත්වයක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි  පැවසයි. මැතිවරණ ප‍්‍රචණ්ඩකි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ඞී එම් දිසානායක පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සන්ධාන අපේක්ෂකයින් පියවර ගත යුතු බවයි.

මේ අතර ඊයේ පස්වරුවේ අනුරාධපුර සන්ධාන අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් අතර ගැටුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් මේ වන විට රෝහල්වල ප‍්‍රතිකාර ලබයි. ඊයේ ජනාධිපතිතුමා සහභාගී වන රැළියට ගොස් එන අතර තුර එජනිස යේ අමාත්‍ය දුමින්ද දිසානායකගේ හා අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේනගේ පිරිස් අතර  කැකිරාව හිරිපිටිය පාසල අසලදී  ගැටුම ඇති වී ඇත්තේ ඊයේ පස්වරු 6යි 30ට පමණයි. ගැටුමෙන් තුවාල ලැබූවන් අතර ඇමැතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද වන බව වාර්තා වේ. තුවාලකරුවන් මේ වන විට එප්පාවල හා කැකිරාව රෝහල්වල ප‍්‍රතිකාර ලබයි. කැකිරාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වයි.


 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට