සත්‍යයේ පුවත් අඩහැරය….

දුටුගැමුණු ධර්මපාලට අදියි..සුරාවට කණකොකා..

mervin silvaකැලණිය ප්‍රදේශයේ සියලුම සුරාසල් වසා දමා ඇති බවත්, ඒ අනුව වයින් ස්ටෝර්ස්,බාර් මෙන්ම ෆුඩ් සිටි වල මත්පැන් අලෙවි කවුන්ටර් ද වසා දමා ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරයි. හිටපු කම්කරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පසුගිය 17 වන දින කැලණිය ප්‍රදේශයේ සියලුම සුරාසැල් වසා දමන ලෙස නියෝග කර තිබිණි. සුරා බදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සුරාසැලක් විවෘත කරන්නට මෙන්ම වසා දමන්නට ද නීතියෙන් අවසරයක් නැතත් ඇමතිවරයාගේ දේශපාලන බලයට හිතුමතේ මෙවැන්නක් කරන්නට හැකියාවක් ලැබී තිබේ.හිටපු ඇමතිතුමා පවසන්නේ “නීතිය හොයල බලල මේවා කරන්න ගියොත් ඒකට සෑහෙන කාලයක් ගතවෙනවා.ඒ හින්දා දැනට බාර් වහන්න කටයුතු කරලා තියෙනවා.ඊළඟට නීතිය ගැන හොයල බලන්න කටයුතු කරනවා.”. මිනිසුන්ගේ මෙන්ම තිරිසනුන්ගේ හිමිකම්ද රැකිය යුතු බවත් මිනිසුන්ට ප්‍රථමයෙන් හරකුන්ගේ මානව හිමිකම් රැකීමට තමන් ක්‍රියා කරන බවත් හිටපු ඇමතිවරයා කියා සිටියේය. අනගාරික ධර්මපාලතුමන් මේ අයුරින් ක්‍රියා කරන විට”පොට්ටනිකාරයා”ලෙස ඇතැමුන් නම් කළ බවත්,ධර්මපාලතුමන් තමන්ගේ ඥාතියෙකු බවත් මර්වින් සිල්වා වැඩිදුරටත් කියා සිටියේය. තමන් හරක් මස් කඩ වහද්දීත් නීතිය බලමින් කටයුතු කළේ නැති බවත්,ඒ වෙලාවේදී මානව හිමිකම් බලමින් කටයුතු කරන්නට හැකියාවක් නැති බවත් හෙතෙම කියා සිටියේය.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට