අනිද්දා සිට වැසි අැති වනු අැතැයි බලාපොරොත්තු වෙනවා, නියගය අවම කරන්න මදි වේවි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අනිද්දා (20) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට වැසි ඇති වනු අැති නමුත් රටතුළ පවතින නියග තත්ත්වය අවම කිරීමට අදාළ වැසි ප්‍රමාණවත් නොවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. අනිද්දා සිට දිවයිනේ අැතැම් ප්‍රදේශ වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි අැතිවිය හැකි බවත් ඉදිරි දින කිහිපයක කාලයක් වැසි සහිත කාලගුණ තත්ත්වය පවතිනු අැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.