සත්‍යයේ පුවත් අඩහැරය….

නව තමිල්නාඩු මහ ඇමතිවරියගේ දිවුරුම් දීම කල් යයි…

 /><span style=තමිල්නාඩු ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස තෝරා ගනු ලැබු වී. කේ. ශෂිකලා මහත්මිය, එම ධුරයේ දිවුරුම් දීම කල්ගොස් ඇති බව වාර්තා වේ.අද (07) දින මදුරාසි විශ්ව විද්‍යාලයේ සියවස් ශාලාවේ දී දිවුරුම් දිමේ කටයුතු සුදානම් කර තිබු නමුත් එය සිදු නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.මේ වන විට මතුව ඇති නෛතිමය තත්ත්වයන් හේතුවෙන් මෙම උත්සවයට සහභාගි විය නොහැකි බවට තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර් රාවෝ විසින් දැනුම් දීම නිසා මෙය කල් දැමීමට සිදු ව ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.හිටපු තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ට සහ ඇයගේ සමීපතම හිතවතිය වූ කේ.ශෂිකලාට එරෙහි දූෂණ චෝදනා නඩුවක තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එම තීන්දුව ලබාදෙන තෙක් පළාත් ප්‍රධාන ඇමතිවරිය පත් නොකරන ලෙස විවිධ පාර්ශවයන් විසින් ඉල්ලා සිටීම, මෙම සිදුවීමට ප්‍රධාන හේතුව වී ඇතැයි ඉන්දිය ආරංචි මාර්ග අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට