සත්‍යයේ පුවත් අඩහැරය….

දිවිපුදා රට රැකගත් රණවිරුවන් යුද අපරාධ සිදුකළ වරදකරුවන් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය

 /><span style=තම දිවිය දෙවෙනි කොට සලකමින් රට වෙනුවෙන් දිවිපිදූ මෙන්ම ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්, යුද අපරාධ සිදුකළ වරදකරුවන්ගේ තත්ත්වයට පත්කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසා සිටියි. ඊයේ (12) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සභභාගි වෙමින් “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික රණවිරු මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා පවසා සිටියේ රණවිරුවන්ට අද වන විට මුහුණ දීමට සිදුව ඇති මෙම දැඩි අසාධාරණ තත්ත්වයට විරෝධය පළ කරමින් ලබන 15 වනදා කොළඹ කොටුවේදී සියළු රණවිරු සංවිධාන, මිය ගිය රණවිරුවන්ගේ දෙමව්පියන්, බිරින්දෑවරුන් සහ දරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බවයි. රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් හිටපු එල්.ටී.ටී.ඊ කොටි සාමාජිකයින් හට වන්දි ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම ගැටළු සහගත බවද අජිත් ප්‍රසන්න මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානයේ සාමාජිකයින් වන දේශබන්දු අතුල උඩවත්ත, විශ්‍රාමික රණවිරු අසේල ධර්මසිරි සහ අබාධිත රණවිරු නිශාන්ත මිහිරාජ් යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට