සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් “සයිටම්” විරෝධී පෙත්සමක්..
මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (13) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්‌ඩාර මහතා සහ සංගමයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්‌ථාවට සහභාගි විය.