සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අනුකමිටු වලින් අද සිට ඉල්ලා අස්වෙනවා – ඒකාබද්ධ විපක්ෂය

 /><span style=අාණ්ඩුවට අවශ්‍ය වී අැත්තේ රට බෙදන ෆෙඩරල් පාලනයක් අැති කිරීම සදහා වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මධ්‍ය හා පර්යන්ත අනුකමිටු යෝජනා ක්‍රියාත්මක කිරීම පමණක් බවත් ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයින්, සාමාජිකත්වය දරණ අනුකමිටු වලින් අද සිට ඉල්ලා අස්වන බවත් පාර්ලිෙම්න්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. අද (16) බත්තරමුල්ල, පොදු ජන පෙරමුණු කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවක් සදහා සහභාගි වෙමින් පාර්ලිෙම්න්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. සිද්ධාර්ථන් මහතා සභාපතිත්වය දරණ අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මධ්‍ය හා පර්යන්ත අනුකමිටුව විසින් පොලිස්, ඉඩම් සහ මුදල් බලතල පළාත් සභාවලට ලබා දිය යුත බවට යෝජනා කර අැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අැතුළු වත්මන් අාණ්ඩුවට අවශ්‍ය වී අැත්තේ ජාත්‍යන්තරයට ලබා දෙන ලද පොරොන්දු වලට අනුව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම බවයි. මෙවැනි යෝජනාවන්ට කිසිදු ලෙසකින් එකග නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අැතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් මීට පෙර සිටම අවධාරණය කර සිටි බවත් සහල් ගැටළුව පවා විසදා ගැනීමට නොහැකි අාණ්ඩුවක් බවට වත්මන් අාණ්ඩුව පත්ව අැති බවත් බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් සිය අදහස් පළ කරමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ තාරක බාලසූරිය යන මහත්වරුන්ද සහභාගි වෙමින් සිය අදහස් දක්වා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට