සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් අාණ්ඩුව අධිකරණයටත් අැගිලි ගසනවා, පොලිස්පති සහ නීතිපති පත්කිරීමත් නීතිවිරෝධීයි – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

 /><span style=මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස, සුදුසුකම් ‍අඩු රාමනාදන් කන්නන් මහතා වැනි අයෙකු පත්කිරීම කිසිදු අයුරකින් අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කර සිටියි. අද (15) බත්තරමුල්ල, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නීතිඥ සංගමයේ සාමාජික සාගර කාරියවසම් මහතා විසිනි. වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් ඒ මහතා පවසා සිටියේ තමන් අදාළ පත්වීම සිදු කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අනුමැතිය අැතිව නීතිපති වරයාගේ උපදෙස් අනුව බව ජනාධිපතිවරයා විසින් පවසා සිටියද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉහත අාකාරයේ ප්‍රකාශයක් සි‍ු කරන්නේ මන්දැයි යන්න විමසා සිටින බවයි. වත්මන් පොලිසිපතිවරයා මෙන්ම නීතිපති වරයාද පත්කිරීමේදීද ඊට ඉහළින් සිටි සුදුසුකම් සපුරා තිබූ පුද්ගලයින් නොසලකා හැර අැති බවයි. මේ අනුව වත්මන් අාණ්ඩුව අධිකරණයට බැලපෑම් සිදුකරන බව මැනවින් පෙනී යන බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පවසා සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සභාපති ජී.එල් පීරිස් මහතාද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට