සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” නිසා මෙරට වෙෙද්‍ය සේවයට සහ වෙෙද්‍ය අධ්‍යාපනයට ලැබී අැති ජාත්‍යන්තර පිළිගැනීම දැඩි පසුබෑමකට ලක්වෙමින් පවතිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් මෙරට වෙෙද්‍ය සේවයට සහ වෙෙද්‍ය අධ්‍යාපන ක්‍රමයට ලැබී අැති පිළිගැනීම දැඩි පසුබෑමකට ලක්වෙමින් පවතින බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෙෙද්‍ය නවීන්ද සොයිසා මහතා විසිනි.

වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඅැල්ල මහතා ජනතාවට විහිළු සපයන්නෙක් බවට පත්ව අැති බවත් සයිටම් විද්‍යාලයේ වංචා සහගත හැසිරීම සදහා වත්මන් අාණ්ඩුවේ අමාත්‍යවරුන් සහාය ලබා දෙමින් සිටින බවත් වෙෙද්‍ය නවීන්ද සොයිසා මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ අමාත්‍යවරුන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉටු කරවා ගැනීම සදහා මේ අාකාරයෙන් ජනතාව බිල්ලට දීම සුදුසුදැයි විමසා සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෙෙද්‍ය හරිත අලුත්ගේ සහ මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය සමන්ත අානන්ද යන මහත්වරුන්ද සහභාගි වී අදහස් දක්වා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට