ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය කල් යයි..
අද (21) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය කල් දැමූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසා සිටියි. ඊයේ (20) කොළඹ ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ එම සංගමයේ ලේකම් නීතිඥ අමල් ඒ. රන්දෙනිය මහතා විසිනි. අධිකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් වන විනිසුරුවරුන්, මෙම නිලවරණ නිරීක්‍ෂණය කිරීමේ කටයුතු ප්‍රතික්‌ෂේප කිරීම නිසා මෙම තීරණය ගත් බව රන්දෙනිය මහතා විසින් වැඩිදුරටත් පවසා සිටින ලදී.
පුද්ගලික නීතිඥවරයෙකු වන රාමනාදන් කන්නන් මහතා, මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමය අදාළ නිලවරණයේ නිරීක්ෂණ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර අැත.