රතන හිමි ප්‍රකාශය අස්කරගන්නේනම් යළි පක්ෂයට ගන්න සූදානම් – ජාතික හෙළ උරුමය
තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සිදුකරන ලද ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නේ නම් උන්වහන්සේ නැවත පක්ෂයට එක් කර ගැනීමට පක්ෂය සූදානම් බව ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටියි. අද (21) පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් විසිනි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ වන විටත් විනය ක්‍රියා මාර්ග ගත යුතු බවට තීරණය කර ඇති අතර ඒ සදහා කමිටුවක් පත්කර ඇති බවත් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී.