සත්‍යයේ පුවත් අඩහැරය….

බදු දෙන මුවාවෙන් වරාය සම්පත් විදේශයන්ට විකිණීමට උත්සාහ කරන පාලකයින් දේශද්‍රෝහීනුයි.. – වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ

බදු දෙන මුවාවෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට උත්සාහ කරන පාලකයින් දේශද්‍රෝහින් බව වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (23) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චන්ද්‍රසිරි මහගමගේ මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන මැයි මසදී මෙරටට පැමිණීමට නියමිතව අැති අතර එහිදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව අැති බවත් මේ අාකාරයට වරාය සම්පත් විදෙස් රටවලට විකිණීම තුළින් රටේ අාර්ථීක, සමාජීය මෙන්ම ජාතික අාරක්ෂාව යන සියළු අංශයන් දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බවත් චන්ද්‍රසිරි මහගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ සමස්ත ලංකා වරාය සේවක සංගමයේ සම කැදවුම්කරු අාරියදාස පතිරණ මහතා පවසා සිටියේ රටේ ජනතාව සිය ඡන්දය ලබා දී රටේ පාලන බලය ලබා දුන්නේ රටේ සම්පත් විදෙස් රටවලට ලබා දීමට නොව ඒවා රැකගැනීම සදහා බව වත්මන් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතාට අවධාරණය කර සිටින බවයි. මෙරට බිම් අගලක් හෝ වෙනත් රටකට විකිණීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන අතර ඒ අාකාරයට රටේ සම්පත් විකිණීම සිදු කරන්නේ නම් එය කළ හැකිවන්නේ සේවක මරණය මතින් පමණක් බවද අාරියදාස පතිරණ මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට