සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අාණ්ඩුව සරත් ෆොන්සේකාට නව තනතුරක් දෙන්නේ මැතිවරණයකින් පරාජය වුවොත් හමුදා කුමන්ත්‍රණයකින් යළි බලයට ඒමටයි – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

හමුදාපති ධූරයට පවා සුදුසුකම් නොමැති සරත් ෆොන්සේකා මහතා රටේ විනය පවත්වාගෙන යන්නේ කෙලෙසකදැයි විමසා සිටින බවත් රටේ අාරක්ෂක අංශ වල පාලනය අැතුළු විනය පවත්වාගෙන යාමේ වගකීම සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට අාණ්ඩුව තීරණය කර අැත්තේ ඉදිරි මැතිවරණයක දී තමන් පරාජයට පත්වුවහොත් හමුදා කුමන්ත්‍රණයකින් නැවත බලය අල්ලා ගැනීම සදහා බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කර සිටියි. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික රණවිරු මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අද (27) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලදී.

සරත් ෆොන්සේකා මහතා යනු ස්ත්‍රී ලෝලියෙකු මෙන්ම ස්ත්‍රී දූෂකයෙකු බවත් සිය හමුදා රාජකාරි කාලය තුළදී සිදු කරන ලද ඉහත චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඒ මහතාගේ පුද්ගලික ලිපි ගොනුව තුළ අැතුළත්ව තිබූ නමුත් ඔහු හමුදාපතිවරයා ලෙස පත්වූ විට අදාළ ලිපිගොනු අස්ථානගත කිරීමට කටයුතු කළ බවද අදාළ චෝදනා ඔප්පු කළ හැකි පැහැදිලි සාක්ෂි තමන් සතුව පවතින බවත් අජිත් ප්‍රසන්න මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

ෆොන්සේකා මහතාගේ මුඛ්‍ය පරමාර්ථය වී අැත්තේ රට වෙනුවෙන් කටයුතු කිරීම නොව දේශපාලනයේ නිරත වීම පමණක් වන අතර හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධූරය සදහා පත්කර අැත්තේ ප්‍රභාකරන් යන තිරිසන් පුද්ගලයාව පරාජය කළ හැක්කේ තවත් තිරිසන් පුද්ගලයෙකුට පමණක් වන බැවින් බවද අජිත් ප්‍රසන්න මහතා පවසා සිටින ලදී.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා අවධාරණය කර සිටියේ රටේ හමුදා කදවුරු ඉවත් කරන විට, හමුදා බුද්ධි අංශ මර්දනය කරන විට සහ විවිධ චෝදනා වලට වරදකරුවන් කරමින් හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා විට හිටපු හමුදාපතිවරයා ලෙස කිසිදු අදහස් පළ නොකර සිටීම හැර ෆොන්සේකා මහතා රට වෙනුවෙන් කිසිවක් සිදු කර නොමැති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට