දුම්රිය පාපුවරුවේ ගමන් කළ පිරිසක් ලොරියක ගැටෙයි, අයෙක් මරුට, 4 කට තුවාල..
කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වන ලද රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි පිරිසක් ලොරියක ගැටීම නිසා සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් හත දෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. ඊයේ (28) සවස මෙම අනතුර සිදුව අැත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී වන අතර අතුරු මාර්ගයක ගමන් කරමින් තිබූ ලොරියක් දුම්රිය මාර්ගය අසළට පැමිණීමෙන් මෙම අනතුර සිදුව ඇත.