ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගිවූ දෙදෙනෙකු මරුට …
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගිවූ ආධාරකරුවන් දෙදෙනෙකු හදිසි රෝගාතුරු වීම හේතුවෙන් ඊයේ (01) රෝහලට ඇතුළත් කල පසු ජීවිතක්ෂයට පත්ව ඇත.මේ දෙදෙනා නිවිතිගල සහ මහනුවර පදිංචිකරුවන් වන අතර ඉන් එක් පුද්ගලයකු වයස අවුරුදු 63ක පමණ බවත්, අනෙක් පුද්ගලයා අවුරුදු 80ක පමණ පුද්ගලයකු බවත් පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයින් දෙදෙනාගේ මෘත දේහයන් මේ වන විට රෝහලේ පවත්නා අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව කුමක්ද යන්න අනාවරණය කරගත හැකි බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කර සිටියි.