ප්රමිත වෙනුවට තිළිණ..
මධ්‍යම පළාත් ක‍්‍රීඩා, කර්මාන්ත, තරුණ කටයුතු, කාන්තා කටයුතු හා ග‍්‍රාම සංවර්ධන අමාත්‍යධූරයට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර ඇති බව වාර්තා වේ. සිය පියා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඉහත පළාත් අමාත්‍ය ධූරය දැරූ ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා අස්වීම නිසා අදාළ ධූරය පුරප්පාඩු වූ බැවින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත.