“සයිටම්” විද්‍යාලට විරෝධය පා වෘත්තීය සමිති රැසක් ලබන 05 වනදා වැඩ වැරුමක..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් විසින් ලබන සිකුරාදා (05) දීප ව්‍යාප්ත එක්‌දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය, සමස්‌ත ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන වෛද්‍ය සංගම් මෙන්ම ගුරු සංගම් රැසක්ද මෙම වර්ජනයට එක්ව ඇති බවද වාර්තා වේ. අදාළ ගැටළුවට නිසි විසදුමක් ලබා දීමට රජය කටයුතු නොකළහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් කරා යාම සම්බන්ධයෙන් ලබන 09 වනදා තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.