කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තැබීම, වාර්තාව හෙට අමාත්‍යවරයාට..
පාතාල සාමාජික “සමයං” ඇතුළු 07 දෙනෙකු ඝාතනයට ලක් වූ කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ කමිටු වාර්තාව හෙට (04) දිනයේදී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා අමාත්‍යවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.